Followers

Saturday, August 20, 2022

නුතන ශ්‍රි ලංකාවෙ සමාඡය හා දේශපාලන පසුබිම

නුතන  ශ්‍රි ලංකාවේ  සමාජීය  හා දේශපාලන  පසුබිම






                                                              අතීතයේ දී නොයෙකුත් නමි වලින්  හදුන්වනු ලැබු රාඡ්‍යයක් ලෙස ද   අතීත ලාංකීය ශිෂ්ටාචාරය  දියුණු  සභ්‍යත්වයකින් හෙබී වූ    ආසියානු  කලාපයේ පිහිටි  විශිෂ්ට රාඡ්‍යයකි.  ලොකයේ  අනෙකුත් රාඡ්‍යයන්ට  නොමැති  බෝහෝ වටිනාකමි ඇති රාඡ්‍යයක්  ලෙස    ශ්‍රි ලංකාව පෙන්වා දීමට  හැකි අතර    දීර්ඝ  ඉතිහාසයකට උරැමකමි  කියනු  ලබන රටක් ලෙසද  මෙරට  හදුන්වා දීමට පුළුවන.  විවිධ ආගමි, ඡාතීන්, භාෂාවන්, සංස්කෘතීන් මෙවැනි දෑ එකට  මිශ්‍රා  වු රාඡ්‍යයක්  හැටියට ද මෙම රට  ලෝකයා ඉදිරියේ  ඉදිරියෙන්ම සිටින  බවද සදහන්  කළ  යුතය.  තවද රටට බාහිරින් මුහුද කලාපය හා රට අභ්‍යයන්තරයේ විවිධ  ස්භාවික  සමිපත්   බහුල  මෙන්ම  පුධාන වශයෙන් මානව  සමිපතක් ඇති දේශයක්  ලෙස ද  මෙම  රාඡ්‍යය  පෙන්වා දීමට  පුළුවන. තවද  බොහෝ වටිනාකමි අප රට සතුව ඇතත්  මාතෘකාව වන්නෙ මෙම  සමිපත්  වලින් අනූන වු  දේශයකට  සිදු  වී ඇති  හානිය  පිලිබදවයි.  එනමි  නුතන ලංකාවේ  සමාඡය  හා දේශපාලන  වටපිටාවයි.

                                              වර්තමානයේ අප  මුහුණ  පා ඇති  අර්බුදකාරී  වාතාවරණයට  පුධාන  වශයෙන්  වගකිව  යුතු  වන්නේ දේශපාලකයා යැයි  ඇතමුන්  පුකාශ  කරණව අපට අසන්නට  ලැබේ. එය ඇත්තටම  එසෙය.  නමුත්  රටක  පුරවැසියා යනු  දේශපාලකයාට  වඩා වගකීමෙන්  හා  වගවීමෙන්  කටයුතු  කලයුතු පුද්ගලයෙකු  බව  අප  දැන්වත් තෙරැමිගත  යුතව ඇත. මන්ද   වර්තමානයේ ගෑස් පොලිමෙ දී,  ඩීසල්  පොලීමෙදී,  මරණයට  පත්  වන්නෙ, හිංසනයට  පත්  වන්නෙ මෙම  පුරවැසියාම  පමණක් වන  බැවිණි. දේශපාලකයා  හෝ ඉහල  නිළධාරීන් මෙම  තත්ත්වයට  මුහුණ  නොපාන  බව අප  කාටත්  දැක  ගැනීමට  හැකි  වුයේ ගත  වු  කාලය තුලදීය. දුෂීත දේශපාලකයා හා දුෂීත රාඡ්‍ය  නිළධාරීන්ගෙන්  අනූන  වු  වර්තමාන  දේශපාලන සංස්කෘතිය  හා පරිපාලන  සංස්කෘතිය වෙනස්  කිරිමට අවශ්‍යවන්නේ   මේ වනවිට  සිදු වී ඇති ආර්ථීක හා දේශපාලන  බිද  වැටීම හේතුවෙනි. එමෙන්න දිර්ඝ  ඉතිහාසයක්  හා   දියුණූ ශීෂ්ටාචාරයක් තිබු  රටකට  සිදු  වී ඇති  ඉරණම දෙස  බලන  විටය.

                                              නමුත් නුතන  සමාඡය දෙස  බලනවිට පෙනෙන්නට ඇත්තෙ  ඉතා  තරගකාරී, නොදියුණූ  ලක්ෂණයන්  බවද  කණගාටුවෙන් වුවද  සිහිපත් කල  යුතුය.  මන්ද තවකෙකු පෙරලා නැගිටීමට, එනමි ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රොධය මෙවැනි ලක්ෂණවලින්  යුක්ත  විවිධ  පක්ෂ, පාට,කුල, ඡාති  වශයෙන්  බෙදී තිබෙන සමාඡයක්  බව  සදහන්  කල යුතුය.  මෙවැනි ඡනතාවක් සිටිනා  තුරැ මෙම සමාඡය  දියුණු සමාඡයක්  බවට පත් නොවන  බව  සහිකල  යුතුය.  එමෙන්ම වර්තමානයේ  මුහුණදෙන අර්බුදයන්ද  නොවිස‍දෙන බව  සදහන් කල යුතුය.                   

                                              විශිෂ්ට දාර්ශනිකයෙකු  වු  බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට්  (Birtrol Bresht)  සදහන් කරන විශීෂ්ට කියමනක්  මෙතෙනට  යොදා  ගැනීම  කාලෝචිත යැයි  මා විශ්වාස කරන්නේ මෙ  නිසාය.  ඒනමි ඔහු  සදහන්  කරන්නෙ,

“අමන ඡනතාව කිසි  දිනක පාදඩ පාලකයින්ට එරෙහි  නොවේ. වෙනස් කළ යුත්තේ පාලකයන්  නොව  ඡනතාවගේ ආකල්පයි."

මෙම කියමන නුතන  සමාඡයට කෙතරමි  වැදගත්ද  යන්න  හා  නුතන  සමාඡයට සිදු  වී ඇති හානිකර අවස්ථාව  මැන බැලීමට  හොද මිනුමි දණ්ඩක්  වැනිය.  මන්ද  නුතන  සමාඡය ඉතාමත් යල්පැන  ගිය අදහස් වලින් යුත්තවන  අතර  ඔවුන් ආස කරන පාලකයා දිනවීමට  පක්ෂවලට බෙදී කුලල් කා ගන්නා අවස්ථා  ඕනැ තරමිය. තම පාලකයන් කොතරමි  දුෂීතයින් වූවත් ඔවුන්ට විරැද්ධව  නැගී සිටීමට තරමි ඡනතාවක් තවම  සමාඡය තුල බිහි වී නොතිබීම කණගාටුවට  කාරණයකී.  ඒ  වෙනුවට විවිධ අන්දමෙ ප්‍රයෝග යොදා ගැනීමට  පාලකයා  කටයුතු කරන්නෙ මසුන්  අල්ලාගැනීමට  ඇම  යොදා ගන්නා අකාරයෙනී. එනමි  මුදල් ලබා දීම, සමෘද්ධීය ලබා දීම, විවිධ සහන ලබා දෙනවායැයි පවසමින් ඡනතාව  තවමත් මොඩයාට අන්දන්නෙ ඉහත වැකිය  නැවත  නැවත සනාථ කරමිණි. ඒ අනුව නුතන සමාඡය තුල අනිවාර්ය ලෙස චින්තනයේ  වෙනසක්  සිදු විය යුතු බව  කිසිදු තර්කයකින් තොරව සදහන් කල හැකිය.                                                                                එවැනි ඡනතාවකගේ නැගිටිමක් මෙරට සිදු වු දිනක මෙම දුෂීත දේශපාලන  රටාව හා  නිළධාරීවාදය විනාශ කර සැමට සධාරණ සමාඡයක් නිර්මාණය කර  ගැනීමට හැකිබව සදහන් කල යුතුය.  ඒ සදහා අවශ්‍යය  වන්නේ  ආකල්පයන්,චින්තනයන් වෙනස් කරගත් මිනිසුන් කණ්ඩායමක්  බවද සදහන් කල යුතුය.    අනුව නූතන ශ්‍රි ලංකාවේ සමාඡය හා දේශපාලන  පසුබිම ඉතා  දුෂීත එකක්  බවත්  ඒ සදහා  දැවැන්ත ආකල්පමය වෙනසක්  මෙරට  සමාඡය  තුල  සිදු විය යුතු බවත් අවසන් වශයෙන් සදහන් කල යුත්තෙ   වර්තමානයේ මෙරටට සිදු වී ඇති  දැවැන්ත  හානිය  දෙස අවබෝධයෙන් බලන  විටය.

                                                 

 



 

9 comments:

                    ශ්‍රි  ලංකාව  දියුණු කල නොහැකි රාජ්‍යයක්ද ?..                                               වර්තමාන ලංකාවෙි තත්ත්වය දෙස ...