ශ්‍රි ලංකාව
දියුණු කල නොහැකි රාජ්‍යයක්ද?..
වර්තමාන ලංකාවෙි තත්ත්වය දෙස බලන විට ඉතා අර්බුදකාරී, විනාශකාරී, බංකොලොත්භාවයට පත් වු රඡ්‍යයක් ලෙස ලොකු කුඩා ඕනෑම අයෙකුට දැකගත හැකිය. මෙම තත්ත්වයට මෙම රට මුහුණ පෑමට අවශ්‍යද යන්න දේශ හිතෛෂී බුද්ධිමත් ජනයා නිරන්තරයෙන් කල්පනා කරන්නා වු කාරණයකි. නමුත් සබෑ තත්ත්වයනමි ලෝකයෙන්ම කඩා වැටුනු, බංකොලොත් වු රටවල් අතරින් එක් රටක් ලෙස ශ්‍රි ලංකාව පත් වීමයි.
මෙම කණගාටුදායක තත්ත්වයට මෙරට ඇද දැමුවේ දුෂිත දේශපාලනය, දුෂීත නිළධාරීවාදය හා මෙරට සියළුම මිනිසුන් බව අප කවුරැත් අවබෝධකරගත යුතුය. වසර හැත්තෑහතර අවුරැද්දක් පුරාවට විවිධ දේශපාලන නායකයින් ලෝක බලවතුන් මෙරට ගණිකාවක් සේ පාවිච්චි කිරීම සිදු කර ඇති ආකාරය මනාව පිළිඹිබු වෙ. එවැනි නායකයින්, නැවත නැවත බලයට රැගෙන ආ මිනිසුන්ද මෙම තත්ත්වයට වගකිව යුතු බව තරයෙ අවධාරණය කල යුතුය.
කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් යටතෙ ශ්‍රි ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත් කල හැකිද යන්න කෙනෙකුට පැන නැගිය හැකි පුශ්නයක් වන බව නොඅනුමානය. නමුත් පුකාශකල යුතු කරැණනමි මෙම රාජ්‍යය දියුණු රාඡ්‍යයක් බවට පත් කීරිමට අප තාමත් පරක්කු නැත.
ඒ සදහා අවශ්‍යය වන්නේ මනා නායකත්වය හා සියළුම පුරවැසියන්ගෙ සහභාගිත්වය බව සදහන් කල යුතුය. රටක ඒ රටෙ දියුණුව සදහා කුමන හො ස්භාවිකව සමිපත් ඒ ඒ රටවල් සතු වී ඇති බව මැද පෙරදිග රාඡ්‍යයන් දෙස බැලීමෙදි පැහැදිලි වෙ. උදා- ලෙස ගෑස් නිධි, ඛනිජ සමිපත් පෙන්වාදීමට පුළුවන. එලෙසම දැවැන්ත කර්මාන්තශාල, වාහන නිෂ්පාදන ආයතන ඒ ඒ රටවලට ඇති භෞතික සමිපත් වන අතර ග්‍රී ලංකාව සතුව එවැනි දෑ නොමැති වුවත් මෙරටට ගැලපෙන ස්භාවික සමිපත් බොහොමයක් ඇත. දැවැන්ත මානව සමිපතක් අප රට සතුව ඇත. නමුත් තවමත් මෙම මානව සමිපතින් අප පුයෝජන නොගන්නා බව සදහන් කල යුතුය. තරැණ තරැණියන්ගෙ ඡීවිත බොහොමයක් ඉතා සුළු වැටුප් උපයන එදිනෙදා රස්සාවන් සදහා කැපකර ඇත්තෙ වෙන කිරීමට දෙයක් නොමැති නිසාය. ඔවුනට අවශ්‍යය කරන අධ්‍යාපනයක් තවමත් මෙරට තුල නිර්මාණය වී නොමැති නිසාය. ආර්ථිකයට උපයෝගී කරගත හැකි තරැණ තරැණියන්ගෙ ඡීවිත රැසක් දුක්බර අන්දමින් අවසන් වන්නෙ හදවත් සසල කරවමිනි. තවද දීර්ඝකාලීන කෘෂිකාර්මික සභ්‍යයත්වයක් අප රට තුල තිබු බවත් ඒය පුධාන ආර්ථික ක්‍රාමඋපාය වු බවත් ඒය මුල් කරගෙන මෙරට ජන ජීවිතය ගැට ගැසි තිබු බවත් සදහන් කල යුතුය. ඒ සදහා අවශ්‍යකරණ කාලගුණික තත්ත්වයන් මෙරටට නොඅඩුව ලැබුණී. වර්ෂා ඡලය උපයොගී කරගෙන අපෙ පැරණි මුතුන් මිත්තන් දැවැන්ත වාරි මාර්ග පද්ධති බිහි කලේ රටකට අවශ්‍යයකරණ ආහාර නිෂ්පාදය එරටදීම සකසා ගැනීම සදහාය. නමුත් වර්ථමාන පාලකයින් ඒ තත්ත්වය මුළු මනින්ම වෙනස් කළහ. මිනිසුන්හට කෘෂීකාර්මාන්තය එපා කරවීය. නමුත් අවධාරණය කලයුතු කරැණනමි අප තවමත් පරක්කු නැත යන්නයි.
තවද රටට බාහිරින් දැවැන්ත මුහුදු කලාපයක් ඇති අතර ඉන් මත්ස්‍ය සමිපත ලබා ගැනිමටද හැකිය. එමෙන්ම වෙරළබඩ කලාපයන්ගෙ සුන්දර ස්ථාන රාශියක් මෙරට සතුව ඇත. එලෙසම රට අභ්‍යන්තරවද සුවිශේෂ ස්ථාන රාශියක් ඇති අතර එවැනි ස්ථාන නැරඹීම සදහා විදේශීකයන් බොහොමයක් කැමතිය. නමුත් ඒ සදහා අවශ්‍ය වන සංචාරක කර්මාන්ත පුවර්ධනය නිසිලෙස මෙරට සිදු වී ඇද්ද යන පුශ්නාර්ථයනි.
මෙවැනි බෝහො ස්භාවික සමිපත් රට සතුව ඇති අතර ඒවායින් ප්‍රයෝඡන ගැනීමට අප තාමත් කටයුතු කර නැත. නිසිලෙස කළමනාකරණය කර එයින් රටට මුදල් උපයාගැනීමට නොහැකි වී ඇත්තතෙ එක්තරා කොටිඨාසයක් විසින් මෙකී සමිපත් ඔවුන්ගෙ සුඛ විහරණය සදහා යොදාගෙන තිබීම හේතුවෙනි. ඒනමි දුෂීත දේශපාලකයින් හා දුෂීත රාඡ්‍යය නිළධාරීන් හා ඔවුනට හිතවත් ඇතැමි මිනිසුන්ය. නමුත් සිහිකළ යුතු කරැණවන්නේ එකී සමිපත් ඔවුන්ගෙ පමණක් නොව සමස්ථ රටේම මිනිසුන්ට අයත් දෑ බවයි. මෙ වනවිට අප මුහුණ දෙණ ආර්ථීක හා දේශපාලන අර්බුදයට හොදම විසදුම වන්නේ මෙකී සමිපත් රටට ගැලපෙන පරිදි සකස්කර ගැනීමයි. ඒ සදහා අදුෂීත, අවංක, පාලකයින් මෙන්ම නිළධාරීන් හා පුරවැසියන් ද අවශ්‍යය වන්නේ ඒ බැවිනි.
තවද ස්වාභාවික වරායන් අප රට සතුව ඇත. ත්‍රිකුණාමලය වරාය, හමිබන්තොට වරාය, කොළඹ වරාය වැනි වරායන් මෙරට සතු වී ඇති අතර ඒවායින් බොහො පුයොඡන, ආදායමි මෙරටට ලබා ගැනීමට හැකි වු නමුත් ඒවා දැන් විවිධ විදේශීකයින්ගේ අදායමි මාර්ග වී ඇත. මෙවැනි කරැණු කාරණා දෙස බලන විට පෙනී යන්නෙ අද මෙරට පවතින තත්ත්වයට පුධාන වශයෙන් දේශපාලන රටාවත්, ලාංකීය පුරවැසියාගේ චින්තනයෙ වෙනස්වීමත් අත්‍යවශ්‍ය වන අතර තවමත් ශ්‍රි ලංකාව යනු දියුණූ කිරීමට හැකි රාඡ්‍යයක් වන බවත්ය.